spot_img
spot_img

“නීතිපති ගෙදර යනු” දැවැන්ත විරෝධතාවක්

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමට අදාළ නඩුවේ සැකකරුවන් තිදෙනෙකු මුදාහැරීමට නීතිපතිවරයා විසින් නිර්දේශ කිරීමේ සිද්ධියට එරෙහිව සමාජය තුළ මහත් කතාබහකට ලක්වී තිබේ.

මේ පිළිබඳ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතාද අදහස් දැක්වීය.

නීතිපතිවරයාගේ මෙම ක්‍රියාකලාපය සම්බන්ධයෙන් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් විරෝධතාවක් සංවිධානය කර තිබේ.

ඒ අනුව, එය හෙට (06) දහවල් 12.00 ට කොළඹ, නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට එම විරෝධතාව පැවැත්වීමට නියමිතයි.

“අපරාධකරුවන් රකින නීතිපති ගෙදර යනු !” “ලසන්තගෙ නඩුවේ සැකකරුවන් නිදහස් කළ ආකාරය හෙළිකරනු !” මැයෙන් යුතුව මෙම විරෝධතාව පැවැත්වෙනවා.

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පවසන්නේ යුක්තිය අපේක්ෂා කරන සියලු දෙනාට ඒ සඳහා සහභාගී වන මෙන් ආරාධනා කරන බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

දින 101ක් පුරා කළ කැණීම්වලින් චෙම්මනි සමූහ මිනී වළෙන් ඇටසැකිලි 515ක්

යාපනයේ චෙම්මනි සිත්තුපාත සුසාන භූමියට නුදුරින් පිහිටි සමූහ මිනී...

පැතිකුදයට නවීන ප්‍රතිකාර සඳහා ශ්‍රී ලාංකිකයන්ට ඉන්දියාවේ බේබි මෙමෝරියල් රෝහලෙන් විශේෂ සහන

නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන්...

කොලොම්බියාවේ භූකම්පනයෙන් මියගිය ගණන 111ක් දක්වා ඉහළට

කොලොම්බියාවේ බටහිර ප්‍රදේශයට බලපෑ ප්‍රබල භූකම්පනයෙන් මියගිය ගණන 111දක්වා...