spot_img
spot_img

බංකොලොත් රටක නිදහස් සැමරුමක අසිරිය – පානීය ජලය සඳහා ලක්ෂ 86යි

අල්ලස, දූෂණයට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර මහතා විසින් රනිල් වික්‍රමසිංහ පාලන සමයේ 75 සහ 76 වන නිදහස් දින සැමරුම් අතරතුර සිදුකර ඇති අති විශාල මහජන මුදල් නාස්තියක් මෙන්ම දූෂණයන් රැසක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය කරනවා.

තොරතුරු දැනගැනීමේ පනත ප්‍රකාරව ලබාගත් වියදම් වාර්තා උපුටා දක්වමින් ඔහු අනාවරණය කළ තොරතුරු මෙසේයි.

75 වන නිදහස් දින සැමරුම සඳහා සිංහ කොඩි මිලදී ගැනීමට රුපියල් ලක්ෂ දාහතරකට අධික මුදලක් වියදම් කර ඇති අතර වසරකට පසු නැවත 76 වන නිදහස් දින සැමරුමේදී සිංහ කොඩි මිලදී ගැනීම සඳහා ලක්ෂ විසි හතරකට අධික මුදලක් වියදම් කර තිබෙනවා.

75 වන නිදහස් උත්සවයේ සංග්‍රහ කටයුතු සඳහා ලක්ෂ විස්සකට වැඩි මුදලක් වියදම් කර ඇති අතර 76 වන නිදහස් උත්සවයේ සංග්‍රහ කටයුතු සඳහා ලක්ෂ හතලිහකට අධික මුදලක් යොදවා ඇත.

75 වන නිදහස් උත්සවයේ විදුලිය සඳහා ලක්ෂ දෙසීයකට අධික මුදලක්ද 76 වන නිදහස් උත්සවයේ ලක්ෂ හාරසියයකට අධික මුදලක් වියදම් කර ඇත.

75 වන නිදහස් උත්සවයේ නවාතැන් පහසුකම සඳහා ලක්ෂ දොලහකට අධික මුදලක්ද 76 වන නිදහස් උත්සවයේ ලක්ෂ විසිපහකට අධික මුදලක්ද යොදවා ඇත.

75 වන නිදහස් උත්සවයේ පානීය ජලය සඳහා ලක්ෂ හතලිස්තුනකට අධික මුදලක්ද 76 වන නිදහස් උත්සවයේ ලක්ෂ අසූහයකට අධික මුදලක්ද යොදවා ඇත.

75 වන නිදහස් උත්සවයේ අකුණු සන්නායක සඳහා ලක්ෂ තුනකට අධික මුදලක්ද 76 වන නිදහස් උත්සවයේ ලක්ෂ හයකට අධික මුදලක්ද යොදවා ඇත.

75 වන නිදහස් උත්සවයේ ඩී.එස් සේනානායක පිළිරුවේ මල් බඳුන සඳහා හතලිස් දහසක් අධික මුදලක්ද 76 වන නිදහස් උත්සවයේ සූදහසකට අධික මුදලක්ද යොදවා ඇත.

75 වන නිදහස් උත්සවයේ ජංගම වැසිකිලි සඳහා ලක්ෂ එක්සිය හතලිහකට අධික මුදලක්ද, සනීප ආරක්ෂක කටයුතු සඳහා ලක්ෂ හතකට අධික මුදලක්ද යොදවා ඇත.

ඒ අනුව 75 වන සහ 76වන නිදහස් උත්සව දෙකේ වැසිකිලි අවශ්‍යතාව වෙනුවෙන් ලක්ෂ තුන්සීයකට අධික මුදලක් වැය කර ඇති බව කාමන්ත තුෂාර මහතා වැඩිදුරටත් පැවසුවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...