spot_img
spot_img

මැතිසභා කමිටු 80 ක් අහෝසියි

පාර්ලිමේන්තුවේ මෙතෙක් ක්‍රියාත්මක වූ කෝප්,කෝපා ඇතුළු කමිටු අසූවකට ආසන්න ප්‍රමාණයක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ පෙරේදා (24) අහෝසි වී ගොස් තිබෙනවා.

කෙසේවෙතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පමණක් පාර්ලිමේන්තුව විසුරුවා හැරියද අහෝසිවී නොයන බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් ලෙස කටයුතු කරන කතානායක විපක්ෂ නායක සහ සෙසු පක්ෂ සහ විපක්ෂ මන්ත්‍රීන්ට එහි සාමාජික තනතුරට පමණක් සීමාවෙමින් මීළඟ සභාව පිහිටුවන තෙක් ඒ තනතුරුවල කටයුතු කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඉඩ ප්‍රස්ථාව සැලසෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස මෙතෙක් කටයුතු කළේ හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතායි.

එම සභාවේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය විජිත හේරත් මහතා පෙරේදා සිට පත් කරනු ලැබුවා.

තවද පාර්ලිමේන්තුවේ නීති බවට පත්ව නොතිබූ පනත් රෙගුලාසි සහ යෝජනා සියල්ලද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග අහෝසිවී යන බව පාර්ලිමේන්තු නිලධාරියෙක් පැවසුවා.

පාර්ලිමේන්තුවේ කතානායක ධූරය, නියෝජ්‍ය කතානායක ධුරය,නියෝජ්‍ය කාරක සභා සභාපති ධූරය, සභා නායක ධූරය, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය යන ධූරයන්ද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ අහෝසි වී ගියා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...