spot_img
spot_img

මුස්ලිම් ප්‍රජාවගෙන් 60% ක් ඡන්දය දෙන්නේ රනිල්ට – ඇමති අලි සබ්රි

රටේ සියලු දෙනාට බියෙන් සැකයෙන් තොරව ජීවත් වීමට සුදුසු පරිසරයක් අවශ්‍ය බැවින් මුස්ලිම් ප්‍රජාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පල කරන බව මුස්ලිම් මන්ත්‍රීවරුන් පවසනවා.

කොළඹ පැවති පුළුවන් ශ්‍රී ලංකා මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය අලි සබ්රි මහතා සඳහන් කලේ මෙවර ජනාධිපතිවරණයේදී මුස්ලිම් ප්‍රජාවගෙන් 60% ජනාධිපතිවරයාට ඡන්දය ප්‍රකාශ කරන බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍ය අලී සබ්‍රි මහතා,

“එළඹෙන ජනාධිපතිවරණය තීරණාත්මක මැතිවරණයක්. මේ මැතිවරණයේදී මුස්ලිම් ජනතාව හා මුස්ලිම් ප්‍රජාව ඔවුන්ගේ සිතුම් පැතුම් හා අපේක්ෂා පිළිබඳවත්, රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද වෙනතුරු ගෙන ගිය වැඩසටහන පිළිබඳවත් විශ්වාසය තබනවා. විශේෂයෙන්ම අපි ඉතාමත්ම සන්තෝෂ වෙනවා මේ මැතිවරණය පහුගිය මැතිවරණ වලට සාපේක්ෂව මිනිස්සු ජාති, ආගම් ගැන මහ ලොකුවට කතා කරන්නේ නෑ. හැමදෙනාම බලාපොරොත්තුවෙන්නේ සියලුම ශ්‍රී ලාංකිකයන් සාමයෙන් සමෘද්ධියෙන් ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් නිර්මාණය කර ගැනීමයි.”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...