spot_img
spot_img

ගාසා තීරයට ගුවනින් ආධාර රැගත් පැරෂුටයට යටවී 5ක් මරුට

ගාසා තීරයට ගුවනින් හෙළන ලද ආධාර පැකේජයකට යටවීමෙන්  පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ, ආධාර රැගත් පැරෂුටයක් ක්‍රියාවිරහිත වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

එක්සත් ජනපදය, ජෝර්දානය, ඊජිප්තුව, ප්‍රංශය, නෙදර්ලන්තය සහ බෙල්ජියම පසුගිය දිනවල ගාසා තීරයට ගුවන් මඟින් ආධාර ලබා දීමට පියවර ගෙන තිබුණා.

විදෙස් වාර්තා සඳහන් කළේ, අමෙරිකාව සහ ජෝර්දාන ගුවන් හමුදාව ඒකාබද්ධව ගාසා තීරයට ගුවන් ආධාර හෙළීමක් පසුගියදා සිදුකළ බවයි.

මේ අතර ජෝර්දානය පවසා ඇත්තේ තම ගුවන් යානයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට වාර්තා වන තොරතුරු අසත්‍ය බවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ ගාසා තීරයේ මිලියන 2.3 ක ජනගහනයෙන් හතරෙන් එකක් වන ළමයින් කුසගින්නෙන් මිය යන තත්ත්වයක් උදාවී ඇති බවයි.

මෙම සති අන්තයේ සිට ක්‍රියාත්මක වන පරිදි ගාසා තීරයට ආධාර සැපයීම මුහුදු මාර්ගයෙන් සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...