spot_img
spot_img

පොල්වතුර අපනයෙන් මාසයකදී මිලියන 3439ක ආදායමක්

2024 පෙබරවාරි මාසය වනවිට මෙරටින් පොල්වතුර අපනයනය කිරීම මගින් රුපියල් මිලියන 3439ක ආදායමක් ඉපයීමට හැකි වී තිබෙනවා.

පොල් සංවර්ධන අධිකාරියේ දත්ත අනුව 2023 පෙබරවාරි මාසය තුළ පොල්වතුර අපනයනය කිරීම මගින් උපයා ඇති මුදල රුපියල් මිලියන 2705ක්.

අද දින (25) පෙරවරුවේ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක දී මෙම කරුණු අනාවරණය වුණා.

පොල් සංවර්ධන අධිකාරියේ සභාපති මහාචාර්ය රොෂාන් පෙරේරා මහතා මෙහිදී පෙන්වා දුන්නේ  පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ පෙරවාරි මාස වනවිට රුපියල් මිලියන 734ක අපනයන අආදායමේ ඉහළයාමක් පෙන්නුම් කර ඇති බවයි.  

එමෙන්ම, වනසත්ව හානිය නිසා වාර්ෂිකව අහිමිවන පොල්ගෙඩි මිලියන 300ක පමණ ප්‍රමාණය ද රැක ගැනීමට හැකිවන්නේ නම් මීට වැඩි ආදායමක් උපයා ගැනීමට හැකි වන අතර එමගින් පොල්වගාකරුවන්ගේ ආදායම තවදුරටත් ඉහළ නැංවීමට හැකිවන බව  අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී අවධාරණය කළා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...