spot_img
spot_img

කුවෙට්හිදී අත්අඩංගුවට ගත් කලාකරුවන් ඇතුළු 24 දෙනා නිදහස් කෙරේ

කුවේට් රාජ්‍යයේදී අත්අඩංගුවට ගැනුණු කලා ශිල්පීන් ඇතුළු ශ්‍රී ලාංකිකයින් 26 දෙනෙකුගෙන් 24 දෙනෙකු, නිදහස් කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.

විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ “එතෙර අපි සංවිධානයේ” කුවේට් ශාඛාව සංවිධානය කළ “ශ්‍රී ලංකන් සමර් නයිට්ස්” සංගීත ප්‍රසංගයේදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබෙන බවයි.

මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර ඉන්ද්‍රචාප, උපේකා නිර්මාණී, ජොලි සියා සිටින බව පැවසෙනවා.

කුවේටයේ ශ්‍රී ලංකා තානාපතිගේ මැදිහත් විමෙන් 24 දෙනෙකු මේ වන විට නිදහස් කර ගෙන තිබෙන අතර සංගීත ප්‍රසංගය සංවිධාන කළ දෙදෙනා රිමාන්ඩ් භාරයේ සිටින බවයි සඳහන් වන්නේ.

නිසි අවසරයකින් තොරව ප්‍රසංගය සංවිධානය කිරිම යන හේතුව මත මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබෙන බව පැවසෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...