spot_img
spot_img

“22 වැනි සංශෝධනය ‘දිට්වා’ වැනිම දරුණු ව්‍යවසනයක්”- විපක්ෂ නායක

ආණ්ඩුව ගෙනඒමට සූදානම් වන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ‘දිට්වා’ සුළි කුණාටුව මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ දරුණු ව්‍යවසනයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

වත්තල උත්සව ශාලාවකදී පැවැති “Rhythm of the Night” අරමුදල් රැස්කිරීමේ උත්සවය අමතමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

‘දිට්වා’ සුළි කුණාටුවෙන් විපතට පත් පවුල් 100ක් උදෙසා නිවාස ඉදිකරදීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා සඳහන් කළේ, මෙම සංශෝධනය හරහා ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රධාන කුළුණු තුන අඩපණ කිරීමට ආණ්ඩුව කුමන්ත්‍රණය කරන බවයි.

අධිකරණයේ ස්වාධීනත්වය බිඳදමා එය විධායකයේ වහලෙකු බවට පත්කිරීමටත්, මෙරට ඒක පක්ෂ ආඥාදායක පාලනයක් ස්ථාපිත කිරීමටත් උත්සාහ දරන බව ඔහු චෝදනා කළේය.

ලක්ෂ 220ක් වන ජනතාවගේ දේශපාලන හා සමාජීය නිදහස ආරක්ෂා කරගැනීම සඳහා මෙම ඒකාධිපති ගමන පරාජය කළ යුතු බවද ඒ මහතා අවධාරණය කළේය.

වත්මන් ආපදා කළමනාකරණ යාන්ත්‍රණය යල්පැනගොස් ඇති බැවින් ජල විදුලි ජනනය ඇතුළු ක්ෂේත්‍රවලට සිදුවිය හැකි බරපතළ හානිය අවම කරගැනීමට නව වැඩපිළිවෙළක් වහා අවශ්‍ය බවත්, සුනාමිය සහ ‘දිට්වා’ ව්‍යවසනයෙන් පාඩම් ඉගෙන ගනිමින් පූර්ව ආපදා සැලසුම් ක්‍රියාත්මක කිරීම ජනාධිපතිවරයා ඇතුළු රජයේ ප්‍රධාන වගකීමක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...