චීනයේ සිචුවාන් ප්රාන්තයේ සුපිරි වෙළඳ සංකීර්ණයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 16 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ, මෙම සුපිරි වෙළඳ සංකීර්ණය මහල් 14 කින් සමන්විත වන අතර, ආරක්ෂක ක්රම වේද නොමැති වීම ගින්න ඇති වීමට සහ පැතිර යාමට හේතු වී ඇති බවයි.




