spot_img
spot_img

මැතිවරණ රාජකාරී සඳහා බස් 1,358ක් සුදානම්

මෙවර ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ රාජකාරී කටයුතු සඳහා බස් රථ 1,358ක් ලබාදීමට නියමිත බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා සඳහන් කළේ, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල හරහා සිදුකර ඇති ඉල්ලීම් පරිදි එම බස් රථ ලබාදීමට කටයුතු කරන බවයි.

ඊට අමතරව මැතිවරණයට අදාළ පොලිස් රාජකාරී කටයුතු සඳහා ද බස් රථ 175ක් ලබාදීමට නියමිතව තිබෙනවා.

මේ අතර ඡන්දය භාවිත කිරීම සඳහා ගම්බිම් බලා පිටත් වන ජනතාවගේ පහසුව සඳහා අද (20) සහ හෙට යන දිනවල දුර ගමන් සේවා විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පැවසුවා.

මේ අතර කොළඹ කොටුව සහ කන්කසන්තුරය අතර අද දින විශේෂ දුම්රියක් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද සහ ලබන 21 වන දින මෙම දුම්රිය කොළඹ කොටුවේ සිට කන්කසන්තුරය දක්වා ධාවනය කරන අතර හෙට සහ 22 වන දින කන්කසන්තුරයේ සිට කොළඹ දක්වා ධාවනය කිරීමට නියමිත බවයි.

කෙසේවෙතත් අනුරාධපුරය සහ මහව අතර මාර්ගයේ පවතින දෝෂ සහිත තත්ත්වය හේතුවෙන් එම දුම්රිය ධාවනයට එක් නොවන බව දුම්රිය රියදුරන්ගේ සංගමය පවසනවා.

ලොකමෝටිව් ඔපරේටින් ඉංජිනියර් සංගමයේ ලේකම් චන්දන ලාල් මහතා සඳහන් කළේ, අදාළ මාර්ගය අලුත්වැඩියා කටයුතු නිම කළ ද එහි සංඥා දෝෂ පවතින බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...