Saturday, June 6, 2026
spot_img
spot_img

දින 10කට පසු ගුණතිලක රාජපක්ෂ ගැටුම ගැන කතා කරයි

තමාට පහරදීමේ සිද්ධිය පිළිබඳව දැනට සිදුකෙරෙන පරීක්ෂණ සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත් නොවන බවත්, නීතිමය ක්‍රියාමාර්ග ඉදිරියට ගෙනයන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා පවසයි.

පහරකෑමේ සිද්ධියට ලක්වීමෙන් දින 10කට පසුව කොළඹ පිහිටි සිය නිවසේදී මාධ්‍යයට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

ජුනි 03 වනදා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී මුදල් ප්‍රතිපාදන ගැටලුවක් මුල්කර ගනිමින් ආණ්ඩු පක්ෂයේ ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා සහ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබුණි.

පසුව මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවසන් වී මන්ත්‍රීවරුන් පිටව යන අවස්ථාවේ නැවත වරක් පියගැටපෙළ මතදී මහින්දානන්ද මන්ත්‍රීවරයා තල්ලු කිරීමකින් තමා ඇද වැටී තුවාල ලැබූ බවට ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා චෝදනා කළේය.

තුවාල ලැබූ මන්ත්‍රීවරයා යුද හමුදා රෝහලට ඇතුළත් කෙරුණු අතර ඔහුගේ පාදයේ සිදු වු අස්ථි බිඳීමකට අදාළව පැය 4ක සැත්කමකට ද භාජනය කර තිබුණි.

සිද්ධියෙන් දින 10කට පසු ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා තමා මුහුණදුන් සිද්ධිය සම්බන්ධයෙන් අද මාධ්‍යයට අදහස් පළ කළේය.

ඔහු පැවසුවේ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා පවසන පරිද පියගැටපෙළෙන් ඇද වැටීමක් සිදු නොවුන බවත් තමන් පියගැටපෙළ ආසන්නයේවත් නොසිටි බවත්ය.

ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා පැවසුවේ, හින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා විසින් තමන්ට ක්ෂණිකව ඉතා දැඩි ලෙස පහර දුන් බවයි.

එමෙන්ම මේ සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද අදහස් පලකරමින් ඔහු පැවසුවේ පහරදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරන බවය.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...