spot_img
spot_img

ලාංකිකයෝ ලක්ෂ 17ක් විදේශ රැකියාවල

ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 17කට අධික සංඛ්‍යාවක් මේ වනවිට ලොව පුරා විවිධ රටවල රැකියාවල නිරතව සිටින බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේ අද (8) පාර්ලිමේන්තුවේ පැවති විවාදයකට එක්වෙමිනි.

විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් පසුගිය 2025 වසර තුළ පමණක් අමෙරිකානු ඩොලර් බිලියන 8.2ක විදේශ විනිමය ප්‍රමාණයක් මෙරටට ප්‍රේෂණය කිරීමට හැකි වූ බවද එහිදී හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

පවතින ආර්ථික අභියෝග හමුවේ වුවද විදේශ රැකියා නියුක්තිකයන් මෙරට ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ලබාදෙන මෙම සුවිශේෂී දායකත්වය අගය කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

spot_imgspot_img

Popular

More like this
Related

මෙරට රන් මිල සැලකිය යුතු අගයකින් පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ යමින් පවතින...

ලක්ෂ 84ක් නිසා චාමර හිටපු ලේකම් එක්ක 27 වෙනකම් හිරේ!

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක මුදලක්...

උද්ධමනය 9%ක් දක්වා ඉහළ යා හැකි බවට මහ බැංකුවෙන් අනාවැකියක්!

2026 ඔක්තෝබර් මාසයේදී 8.3%ක් දක්වා ඉහළ ගිය මෙරට උද්ධමනය...

රුසියාවේ සිට ගෙනා මහා අපරාධකරු රොටුඹ අමිල CIDයට

රුසියාවේ සිට මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ජාත්‍යන්තර...