නව වැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සැසිවාරය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් අද අද (07) පෙරවරු 10.30ට ආරම්භ විය.
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සිය ප්රතිපත්ති ප්රකාශය පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළේය.
එහිදී ජනාධිපතිවරයා පැවසුවේ 2022 වසරේ ආරම්භයට සාපේක්ෂව මේවන විට මෙරට ආර්ථිකය ශීඝ්ර වර්ධනයක් අත්කර ගනිමින් සිටින බවයි.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා සභාව ඇමතූ අවස්ථාවේ සමගි ජනබලවේගයේ මන්ත්රීවරු කණ්ඩායමක් සභා ගැබෙන් ඉවත්ව ගිය අතර ජාතික ජන බලවේගයේ කිසිදු මන්ත්රීවරයකු සහභාගි වී සිටියේ නැත.
නමුත් සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ රාජිත සේනාරත්න, සරත් ෆොන්සේකා, පාඨලී චම්පික රණවක, ඉෂාක් රහුමාන් සහ කුමාර වෙල්ගම යන මන්ත්රීවරුන් ජනපතිගේ කතාවට සවන් දෙමින් මැතිසබයේ රැඳී සිටියයේය.
ජනපති ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්රතිපත්ති ප්රකාශය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය හෙට (08) සහ අනිද්දා (09) දෙදින තුළ පැවැත්වීමට නියමිතය.




