Monday, April 20, 2026
spot_img
spot_img

රොෂාන්ගේ ඝාතකයා දින90ක් රැඳවුම් බාරයේ

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික රොෂන් කුමාර මහතා ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් රන්ජන් ධර්මප්‍රිය හෙට්ටිආරච්චි දින 90ක කාලයක් රඳවා ගනිමින් ප්‍රශ්න කිරීම සඳහා ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් රැඳවුම් නියෝග ගෙන ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මියට අද දැනුම් දුන්නේය.

රන්ජන් ධර්මප්‍රිය හෙට්ටිආරච්චි නැමැත්තාට එරෙහිව මනුෂ්‍ය ඝාතන සහ ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධවීමේ චෝදනා ගොනු කර ඇති බවත් රැඳවුම් බාරයේ සිටින සැකකරු නිරීක්ෂණය කිරීමට පැමිණෙන ලෙස ඉල්ලා සිටින බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ ඩබ්ලිව්.ඩී. රොෂාන් කුමාර මහතා ඇල්පිටිය, කරුඳුගහහැතැක්ම ප්‍රදේශයේ ඔහුගේ නිවසේදී පසුගිය පෙබරවාරි 26 වැනිදා වෙඩි වැදීමට ලක්ව ඝාතනය විය.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...