spot_img
spot_img

රාජ්‍ය සේවා කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක් සහ සාමාජිකයන් පත් කෙරේ

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස එස්. ඒ. නිමල් සරණතිස්ස මහතා පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටයුතු කර තිබේ.

එහි සෙසු සාමාජිකයන් ලෙස බී. සනත් පූජිත, ඊ. ආර්. වීරකෝන්, ආර්. කේතීස්වරන්, ජේ. එම්. ආර්. ජයසුන්දර, ඊ. ඒ. පී. එන්. එදිරිසිංහ, වෛද්‍ය එස්. ඒ. ඒ. එන්. ජයසේකර සහ එම්. එච්. මොහමඩ් සමීල් යන මහත්ම මහත්මීහු පත් කර ඇත.

ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් එම මහත්ම මහත්මීන් වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (09) පස්වරුවේ භාරදෙන ලදී.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ධූර කාලය අවසන් වීම මත පුරප්පාඩුව පැවති සාමාජික ධූර වෙනුවෙන් අදාළ පත් වීම් සිදු කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...