spot_img
spot_img

‘රනිල් සමඟ ඉගෙන ගනිමු’ – එජාප ඩිජිටල් පක්ෂයක් බවට පත් වේ

එක්සත් ජාතික පක්ෂය නව තරුණ පරම්පරාව ඇතුළත් කරගෙන නැවත බලවත් දේශපාලන බලවේගයක් බිහිකිරීමේ මහා ව්‍යාපෘතිය අද (11) සිට ආරම්භ කරන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා නිවේදනය කළේය.

ඊයේ සිරිකොත හිරුණ් දවස් උත්සවයෙන් පසු මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ,

“ඉදිරි මාස 6 තුළ මහජන රැස්වීම් 1,000ක් පැවැත්වීමෙන් නව අදහස් සහිත, තරුණ බලයෙන් ශක්තිමත් එක්සත් ජාතික පක්ෂයක් ගොඩනඟන්න අපි කැපවෙනවා.”

ප්‍රධාන සැලසුම් කිහිපයක්:

ලබන මාසයේ සිට “රනිල් සමඟ ඉගෙන ගනිමු” වැඩසටහන ආරම්භ වේ.
සති දෙකකට වරක් පැය 2 බැගින් තරුණයින් දේශපාලනිකව බලමුලු ගැන්වීම.
දෙසැම්බර් 10 වැනිදා වන විට එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකාවේ පළමු සම්පූර්ණ ඩිජිටල් දේශපාලන පක්ෂය බවට පත්කිරීම.
මෙම ඩිජිටල් විප්ලවයට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය දෙයි.

“හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට වෙනුවෙන් කළ යුතු සියල්ල ඉටු කර තිබෙනවා. ඉතිරි වැඩ අපි කරනවා. රජයට බැණ බැණ තරගයක් නෙමෙයි, රටට නව මාවතක් පෙන්වන දේශපාලනයක් අපි කරනවා” යනුවෙන් ද හරීන් ප්‍රනාන්දු මහතා අවධාරණය කළේය.

මේ අතර, එක්සත් ජනතා පක්ෂය සමඟ එක්ව කටයුතු කිරීමේ සාකච්ඡා ද සාර්ථකව පවත්වාගෙන යන බවත්, ඉදිරියේදී ඒ පිළිබඳ තීරණ ගන්නා බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ මෙම නව තරුණ විප්ලවය ලබන පළාත් පාලන මැතිවරණයේදී ද බලපෑමක් එල්ල කරනු ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...