spot_img
spot_img

භයානක ලෙඩකට ලංකාවෙන් බෙහෙතක් හොයාගෙන

කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ රාගම වෛද්‍ය පීඨයේ වෛද්‍ය කණ්ඩායම විසින් අධික රුධිර පීඩනය පාලනය කිරීම සඳහා නව ඖෂධයක් නිෂ්පාදනය කිරීමට සමත්ව ඇත.

අධික රුධිර පීඩනයෙන් පෙළෙන රෝගීන් සඳහා දෙනු ලබන ත්‍රිත්ව පෙති මාත්‍රාව වෙනුවට එක්පෙත්තක් මෙලෙස නිපදවා ඇති අතර අධික රුධිර පීඩනය හේතුවෙන් රුධිර වාහිනී පිපිරීයාමෙන් සිදුවිය හැකි අංශභාගී රෝගී තත්ත්වය සියයට 60කින් පමණ මෙම ඖෂධය ලබා ගැනීමෙන් වළක්වා ගැනීමට හැකිවී ඇති බව ද වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවක දී අදහස් දැක්වු ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය බිම්සර සේනානායක මහතා,

“අංශභාගය කියලා සාමන්‍යයෙන් අපි ව්‍යවහාරයේ භාවිතා කරන ඒ රෝගය ගොඩක් බහුල රෝගයක්. ඉතින් මේක සාමන්‍යයෙන් 80%ක් වගේ අයට හැදෙන්නේ රුධිරවාහිනියක් අවහිරවීම නිසා ලේ කැටියකින් සහ රුධිර වාහිනියක් පිපීරියෑමෙන් ලේ ගැල්මක් ඇතිවෙන්න පුළුවන්. දැන් මෙතනදී අපි සමීක්ෂණයට භාවිතාකරන ලද්දේ ඒ වගේ රෝගීන්ට ඇතිවන තත්ත්වයෙන්. පස්සේ මේ අලුත් ඖෂධයෙන් අපිට පුළුවන්වෙයිද අධික රුධිර පීඩනය පාලනය කරලා එමගින් නැවත මේ තත්ත්වය ඇතිවීම පුළුවන් දුරට අඩුකරගන්න කියලා. ඒක මේ පරීක්ෂණය කරාම අපිට දැන්පෙනී යනවා. අපි හිතුවෙත් නැතිතරම් විශාල සාර්ථකත්වයට යන බව ඒ කියන්නේ අංශභාගය නැවත ඇතිවීම 60%කින් මේ ඖෂධය ගැනීමෙන් වළක්වාගත හැකි බව දැන් පෙනෙනවා ”

එහිදී අදහස් දැක්වු හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා,

“ලංකාවේ අවුරුදු 30යි 80යි අතර අය 35%කට අධික රුධිර පීඩනය තියෙනවා. ඒ අයගේ පාලනයක් නැහැ. සමහර අය දන්නෙත් නැහැ. මේ අලුත් ඕෂධයෙන් වෙන්නේ ඉතාම ඉක්මනින් රුධිර පීඩනය පාලනය වෙනවා. මෙහෙිදී රුධිර පීඩනය පාලනය වෙනවා විතරක් නෙමෙයි. ඒක දිගටම ඒ විදිහටම තියෙනවා.පරික්ෂණවලින් හෙළිවෙලා තියෙනවා මේ ඖෂධය ගන්නකොට දිගටම දවසපුරාම තියෙනවා. හරිම වැදගත් අධික රුධිර පීඩන වළක්වා ගන්න.” ලෙස පැවසුවේය

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...