Sunday, February 22, 2026
spot_img
spot_img

බිහිසුණු ගුවන් යානා අනතුරක් – 20ක් මරුට

විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ ජෝර්ජියාවේදී කඩා වැටීමට ලක්වූ අසර්බයිජානයේ සිට ආපසු එමින් තිබූ තුර්කි C-130 හමුදා භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයේ සිටි 20 දෙනාම මියගොස් ඇති බවයි.

එමෙන්ම මෙම අනතුර සිදුව ඇත්තේ, ගුවන් යානය තුර්කියට ආපසු එමින් සිටියදී වන අතර, තුර්කි ජනාධිපති ටයිප් එර්ඩෝගන් සිය ශෝකය ප්‍රකාශ කර ඇත

තුර්කියට අයත් C-130 Hercules හමුදා භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ඊයේ (11) ජෝර්ජියා රාජ්‍යයේදී අනතුරට ලක්වී කඩා වැටී ඇති බව තුර්කි ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කළේය.

ගුවන් යානය අසර්බයිජානයේ ඉන්කිර්ලික් ගුවන් කඳවුරේ සිට තුර්කියේ කයිසේරි නගරයට ගුවන් ගත වෙමින් සිටියදී, ජෝර්ජියාවේ කකස් කඳුකරයේදී එය අතුරුදහන් වූ බව මුලින් වාර්තා විය. පසුව එය කඩා වැටුණු බව තහවුරු විය.

තුර්කියේ නාලිකාවල විකාශය වූ වීඩියෝවක, ගුවන් යානය පහළට ඇද වැටී සුදු දුමාරයක් පිට කරමින් කන්දකට කඩා වැටී ඝන කළු දුමාරයක් නැඟී එන අයුරු දිස්විය. ගුවන් යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇතුළුව තුර්කි හමුදා නිලධාරීන් 20 දෙනෙකු සිටි බව තුර්කි ජාතික ආරක්ෂක අමාත්‍යාංශය නිල වශයෙන් ප්‍රකාශ කළේය.

තුර්කි ජනාධිපති රෙසෙප් ටයිප් එර්දොගාන් මහතාද මේ පිළිබඳව දැනුවත් කර ඇති අතර, අනතුර සම්බන්ධයෙන් ඉහළම මට්ටමින් පරීක්ෂණ ආරම්භ කර ඇත.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

AI රාජ්‍ය නායක සැසිය අමතමින් ජනාධිපතිවරයා සිදුකළ සම්පූර්ණ ප්‍රකාශය

කිසිවෙකු අත්නොහැරෙන සේ සහ ආචාර ධර්ම මූලික කරගත් කෘත්‍රිම...

ශ්‍රී ලංකාවේ දැනට විශාලතම බලශක්ති ව්‍යාපෘතිය මෙන්න

ශ්‍රි ලංකාවේ මෙතෙක් ඉදිවන විශාලතම සූර්ය බලශක්ති ව්‍යාපෘතිය හම්බන්තොට...

අත්අඩංගුවට ගත් නතාෂා ගැන ස්ථානාධිපති කණගාටු වෙයි

ප්‍රහසන ශිල්පිනියක වන නතාෂා එදිරිසූරිය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්...

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් නිවේදනයක්.!

ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව ප්‍රමාණවත්...