ඉන්දියානු සාගරයේ නාවික නිදහස ආරක්ෂා කිරීම අරමුණු කරගත් උපාය මාර්ගික ස්ථාවරත්වයක් වෙනුවෙන් ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, නාවික නිදහස වෙනුනේ ශ්‍රී ලංකාව දක්වන කැපවීම හේතුවෙන් රතු මෙහෙයුම් සඳහා දායකවීමට තීරණය කළ බවය.
සය දින යුද්ධය නිසා වසර 10ක් තිස්සේ සූවස් ඇළ වසා තැබීම කොළඹ වරායට අහිතකර ලෙස බලපෑ ආකාරය සිහිපත් කළ ජනාධිපතිවරයා සීමාවලින් තොරව නාවික කටයුතු සහත කිරීමේ අවශ්‍යතාව පෙන්වා දී තිබේ.
ඊයේ (28) කොළඹ දී ආරම්භ කෙරුණු ‘පාත් ෆයින්ඩර්’ පදනම සංවිධානය කරන ඉන්දියානු සාගර ආරක්ෂක සමුළුවේ තෙවන අදියරේ ප්‍රධාන දේශනය සිදුකරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව මෙන්ම කලාපිය සහ ගෝලීය වශයෙන් අප සැමට මුහුණදීමට සිදුව ඇති ප්‍රධාන පක්ෂවලින් එකක් ආමන්ත්‍රණය කිරීම සඳහා ‘පාත් ෆයින්ඩර්’ පදනම සමඟ එක්වීමට ලැබීම සතුටට කරුණක් බව ජනාධිපතිවරයා එහිදි පෙන්වා දුනි.
ඉන්දියන් සාගරය “එක් තීරයක් එක් මාවතක්” වැඩසටහනේ හෝ ඉන්දු පැසිෆික් වැඩසටහනේ කොටසක් ලෙස සැලකිය නොහැකි අතර ඉන්දියන් සාගරය මේ වන විට ලෝකයේ උපායමාර්ගික භූ දේශපාලනික කලාපයක් බවට පත්ව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඉන්දියන් සාගර කලාපය මේ වන විට නැඟී එන ආර්ථිකයක් බවට පත්ව ඇති බැවින් එදිරිවාදිකම්වලින් තොරව ඉන්දියන් සාගරයේ නාවික ගමනාගමනයේ නිදහස සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපතිවරයා එහිදි වැඩිදුරටත් සඳහන් කර ඇත.




