spot_img
spot_img

නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් යාවත්කාලීන වෙයි – ප්‍රදේශ කිහිපයකට රතු නිවේදන

ඇද හැළෙන අධික වැසි හමුවේ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

ඒ අනුව ප්‍රදේශ කිහිපයකට රතු නිවේදන නිකුත් කිරීමටත් තවත් ප්‍රදේශ කිහිපයක් සඳහා අවධානයෙන් සිටින ලෙසත් දන්වා ඇත.

මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද පස්වරු 2 සිට හෙට පස්වරු 2 දක්වා ක්‍රියාත්මක බවද එම සංවිධානය සඳහන් කළේය.

ඒ අනුව අදාළ දිස්ත්‍රික්ක සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්,

රතු නිවේදන දන්වා ඇති ප්‍රදේශ (ඉවත් වන්න)

මහනුවර – පස්බාගේ කොරළය
කෑගල්ල – දෙහිඕවිට, අරණායක, දැරණියග, මාවනැල්ල, යටියන්තොට
නුවරඑළිය – කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර

අවධානයෙන් සිටින ලෙස දන්වා ඇති ප්‍රදේශ

කොළඹ – පාදුක්ක
ගාල්ල – නාගොඩ, තවලම, නෙළුව
කළුතර – අගලවත්ත, බුලත්සිංහල, පාලින්දනුවර, වලල්ලාවිට
මහනුවර – ගඟ ඉහළ කොරළය
කෑගල්ල – බුලත්කොහුපිටිය, කෑගල්ල‍
මාතර – අකුරැස්ස, පිටබැද්දර
රත්නපුර – රත්නපුර, අයගම, කුරුවිට, පැල්මඩුල්ල
නුවරඑළිය – තලවකැලේ

විමසිලිමත්භවින් සිටින ලෙස දන්වා ඇති ප්‍රදේශ

කොළඹ – සීතාවක
ගාල්ල – නියගම, බද්දේගම
ගම්පහ – මීරිගම
කළුතර – ඉංගිරිය
මහනුවර – උඩපලාත, යටිනුවර
කෑගල්ල – ගලිගමුව, වරකාපොල, රුවන්වැල්ල
මාතර – කොටපොල, පස්ගොඩ, අතුරලිය
රත්නපුර – ඇහැලියගොඩ, කලවාන, ඇලපාත

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...