spot_img
spot_img

දිස්ත්‍රික්ක හතරක නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන යාවත්කාලීන කෙරේ

දිස්ත්‍රික්ක හතරකට අදාළ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් යාවත්කාලීන කර තිබේ.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අදියර දෙක යටතේ අවදානයෙන් සිටින ලෙසට අනතුරු අඟවා ඇත.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ තලවාකැලේ, කොත්මලේ බටහිර, අඹගමුව, නුවරඑළිය, නෝර්වුඩ් සහ කොත්මලේ නැගෙනහිර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද එය බලාත්මකය.

කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, බුලත්කොහුපිටිය, යටියන්තොට, දැරණියගල සහ අරණායක යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද අදියර දෙක යටතේ අවදානයෙන් සිටින ලෙසට අනතුරු අඟවා තිබේ.

මේ අතර මහනුවර දිස්ත්‍රික්කයේ දොළුව, පන්විල, මැදදුම්බර, උඩපළාත, ගඟ ඉහළ කෝරළය, උඩුදුම්බර සහ දෙල්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, ඕපනායක සහ ඉඹුල්පේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර එක යටතේ විමසිලිමත්ව සිටීමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...