Thursday, January 29, 2026
spot_img
spot_img

ත්‍රිකුණාමලයේ බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය දුන් නියෝගය

ත්‍රිකුණාමලයේ බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ කස්සප හිමි ඇතුළු හිමිවරු දෙදෙනෙකු රිමාන්ඩ් භාරයට පත් කරමින් ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඉකුත් 19 වනදා නිකුත් කළ නියෝගයේ ලිඛිත පිටපතක් සහ හඬපට වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය අද (22) නියෝග කර තිබේ.

තමන්ව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට එරෙහිව කස්සප හිමියන් ඇතුළු හිමිවරු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.

ඒ අනුව මෙම පෙත්සම යළි සලකා බැලීම සඳහා අද පස්වරු 1.30 ට කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබේ.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

නීපා ගැන අනියත බියක් එපා – මෙරට සෞඛ්‍ය අංශ අවධානයෙන්

ඉන්දියාවේ පැතිර යමින් පවතින නීපා වෛරසය පිළිබඳ මෙරට ජනතාව...

රනිල්ට මාර්තුවල නඩු දානවා: නීතිපති අධිකරණයට කියයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ විමර්ශන කටයුතු මාසයක්...

2025දී මෙරටින් ලාදුරු රෝගීන් 1282ක්

2025 වසරේදී මෙරටින් ලාදුරු රෝගීන් 1,282 දෙනෙකු වාර්තා වී...

සමාජ මාධ්‍ය නියාමනය ගැන නලින්ද දුන් ඉඟිය

‍සියලුම ක්ෂේත්‍ර ආවරණය වන පරිදි ජනතාව පීඩාවට පත් වන...