spot_img
spot_img

ඉන්දියාවට ජය

ඉන්දියාව සහ එංගලන්තය අතර පැවති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 106කින් ජයග්‍රහණය කිරීමට සත්කාරක ඉන්දියාව සමත් විය.

විශාකාපට්නම් හිදී පැවති තරගය දින 4කදී නිමාවට පත්විය.

ඒ ජයග්‍රහණය සඳහා ලකුණු 399ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා අද ලකුණු 292කට දැවී යාමත් සමගය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ලකුණු 396ක් රැස්කළ අතර ඊට පිළිතුරු ලෙස එංගලන්තය ලකුණු 253ක් රැස්කළේය.

ඉන්දියාව සිය දෙවැනි ඉනිම සඳහා ලකුණු 255ක් රැස්කරමින් සංචාරක එංගලන්ත කණ්ඩායමට ලකුණු 399ක් ඉලක්කයක් ලබාදුනි.

එංගලන්ත දෙවැනි ඉනිම වෙනුවෙන් සැක් ක්‍රෝලි ලකුණු 73යි.

පන්දු යැවීමෙන් ජස්ප්‍රිට් බුම්රා සහ රවිචන්ද්‍රන් අස්වින් කඩුලු 3 බැගින් දවා ගත්හ.

ඒ අනුව තරග 5කින් සමන්විත තරගාවලියේ කණ්ඩායම් දෙකම එක තරගය බැගින් ජයගෙන තිබේ.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...