2022 අවසානයේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.7%ක් වූ අයවැය ප්රාථමික හිඟය, 2023 වසරේ ප්රාථමික අයවැය අතිරික්තයක් කර ගැනීමට හැකිවූ බව ජනාධිපතිවරයා පවසයි.
නිදහසින් පසු ගෙවී ගිය 76 වසර තුළ ශ්රී ලංකාවට ප්රාථමික අයවැය අතිරික්තයක් ඇති කරගැනීමට හැකි වූ 6 වැනි අවස්ථාව මෙය බවත් ජනාධිපතිවරයා පැවසීය.
09 වන පාර්ලිමේන්තුවේ පස්වැනි සභා වාරය අමතමින් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අද (07) මේ බව පැවසීය.
ඒ ආණ්ඩුවේ ප්රතිපත්ති ප්රකාශය පැහැදිලි කරමිනි.
“අර්බුද ජයගැනීම ආරම්භ කළ යුත්තේ තමන්ගෙන්මයි. අපේ සිතුවිලි නිවරැදි කරගත්තේ නැත්නම් රටට යහපතක් නැහැ. මුලින්ම අපි වෙනස් වුණේ නැතිනම් ක්රමයක් වෙනස් කරන්න අපිට පුළුවන් කමක් නැහැ.”
“අද ඩොලරයේ අගය රුපියල් 314යි. දැන් පොලී අනුපාතය 12%යි. දැන් අපේ විදේශ සංචිත ප්රමාණය ඩොලර් බිලියන 4.4ක්.”
“දැන් බෙහෙත්, ගෑස්, ඉන්ධන, විදුලිය, පොහොර අර්බුදයක් නැහැ.”




