හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් සිදුකළ නියෝගයකට අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇත.
පසුගිය සැප්තැම්බර් 12 වැනිදා අනුරාධපුරයේදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැළියකදී සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් අධිකරණයට අපහාසයක් සිදු වී ඇද්ද යන්න පිළිබඳව විමර්ශනය කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත්වරයා විසින් පොලිස්පතිවයාට නියෝග කර තිබිණි.
ඒ අනුව ඉදිරි දිනකදී මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත විමල් වීරවංශ මහතා කැදවා ප්‍රකාශ සටහන් කරගැනීමට නියිමතය.




