රුසියාවේ සිට මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන රොටුඹ අමිල නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන විත් තිබේ.
අද (20) රුසියාවේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආ සැකකරු එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියට සම්බන්ධ බවටත්, තවත් ඝාතන සිද්ධීන් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇති බවටත් තොරතුරු අනාවරණය වී තිබේ.




