spot_img
spot_img

නාමල් අල්ලස් කොමිසමට

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (04) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට පුළුල් බඳ සහිත ගුවන් යානා බලඇණියක් ස්ථාපිත කිරීමේදී සිදුවූ බව කියන අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව මෙම කැඳවීම සිදුකර තිබෙන බවද වාර්තා වේ.

මීට පෙර පසුගිය සඳුදා දින කොමිසම හමුවට පැමිණෙන ලෙස මන්ත්‍රීවරයාට දැනුම් දී තිබෙන අතර, මන්ත්‍රීවරයා ඔහුගේ නීතිඥවරයා මගින් ලිපියක් යොමු කරමින් මෙම මස 25 වනදායින් පසු දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා තිබේ. නමුත් එම ඉල්ලීම අල්ලස් කොමිසම විසින් ප්‍රතික්ෂේප කර තිබෙන අතර හෙට දිනයේ පෙනී සිටිය යුතු බවට දැනුම් දී තිබෙන බවද වාර්තා වේ.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...