spot_img
spot_img

කුරුවිට බන්ධනාගාරයේ ගැටුමෙන් දෙදෙනෙකු මරුට

කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අතර ඇතිවූ නොසන්සුන්තාවෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කුරුවිට පොලීසිය පැවසීය.

මෙම ගැටුම හේතුවෙන් කිහිපදෙනෙකු මේ වනවිට තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවද වාර්තා වේ.

මෙම බන්ධනාගාරයේ අද (07) උදෑසන මෙම නොසන්සුන්තාව හටගත් අතර, එය පාලනය සඳහා බන්ධනාගාර නිලධාරීන් කඳුළු ගෑස් ප්‍රහාරද එල්ලකළ බව සඳහන් වේ.

කුරුවිට බන්ධනාගාර ප්‍රකාශයෙකු සඳහන් කර සිටියේ, ඊයේ (6) රාත්‍රියේ මෙම නොසන්සුන්තාව හටගෙන තිබූ බවත්, පසුව එය පාලනය කිරීමට කටයුතු කළ බවත්ය.

කෙසේ නමුත් අද උදෑසන යළිත් රැඳවියන් අතර යළි නොසන්සුන්තාවක් ඇතිව තිබේ.

රැඳවියන් පිරිසක් බන්ධනාගාර රෝහලටද අලාභහානි කර ඇති බව වාර්තා වේ.

spot_imgspot_img

Popular

More like this
Related

දිස්ත්‍රික්ක හතරක නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන යාවත්කාලීන කෙරේ

දිස්ත්‍රික්ක හතරකට අදාළ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන ජාතික ගොඩනැගිලි...

කොමර්ෂල් බැංකුව ලෝකයේ ප්‍රමුඛතම බැංකු 1000 ලැයිස්තුවේ ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස යළි තහවුරු වෙයි

ලොව ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් ලෙස කොමර්ෂල් බැංකුව සිය ස්ථානය...

ණය ගෙවා ගැනීමට නොහැකි වීමෙන් ප්‍රසිද්ධ ඇගලුම් සමාගමක් ඈවර කිරීමට පෙත්සම් ගොනු කරයි

දිගින් දිගටම පවතින අර්බුද හේතුවෙන් ණය ගෙවා ගැනීමට නොහැකි...

මැගසින් බන්ධනාගාරයේ ගැටුමින් රැඳවියෙකු මරුට

මැගසින් බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් තුවාල ලබා රෝහල් ගත...