spot_img
spot_img

විශ්‍රාමික නාවික හමුදා සාමාජිකයන් වෙළෙඳ නැව් ක්ෂේත්‍රයට අනුයුක්ත කිරීමේ ප්‍රගතිය සොයාබලයි

විශ්‍රාමික නාවික හමුදා සාමාජිකයන් වෙළඳ නැව් ක්ෂේත්‍රයට අනුයුක්ත කිරීමේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේදී පවත්වා තිබේ.

ඒ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ ගරු වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙනි.

එහිදී නාවික හමුදාවේ විශ්‍රාම ගැනීමට සිටින සාමාජිකයින් වෙළඳ නැව් සහ සමුද්‍රිය ක්ෂේත්‍රයේ වෘත්තීය අවස්ථාවන් සඳහා යොමු කිරීමේදී විදේශ රැකියා අවස්ථා පුළුල් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇත.

එමෙන්ම නිපුණතා සහතික ලබා ගැනීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමේ ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී ඇගයීමක් සිදු කර තිබේ.

මෙම වැඩසටහන සැලසුම් කර ඇත්තේ විශ්‍රාම ගැනීමට නියමිත සහ විශ්‍රාමික රණවිරුවන්ගේ කුසලතා සංවර්ධනය, වෘත්තීය සහතික කරණය සහ ජීවනෝපාය මාර්ග තිරසාර කිරීම සඳහා අවශ්‍ය නිසි මග පෙන්වීම තුලින් ඔවුන්ව දිරිගැන්වීමය.

එමෙන්ම මෙම වැඩසටහනේ මූලික අරමුණු වනුයේ නාවික හමුදා සාමාජිකයින්ගේ විනය, තාක්ෂණික විශේෂඥතාව සහ පුළුල් අත්දැකීම් උපයෝගී කර ගනිමින්, ඔවුන්ට ජාත්‍යන්තරව පිළිගත් සුදුසුකම් ලබාදීම, එමඟින් ඔවුන්ගේ රැකියා ලබාගැනීමේ පහසුව සැලකිය යුතු ලෙස ඉහළ නැංවීම සහ වෙළඳ නැව් ක්ෂේත්‍රයේ වෘත්තීන් වෙත ඉක්මනින් පරිවර්තනය වීමේ පහසුකම් සැලසීමය.

නාවික හමුදා සාමාජිකයින්ගේ රාජකාරි සේවා කාල සීමාව අවසන් වූ පසු ගෝලීය වශයෙන් පිළිගත් සමුද්‍රීය සුදුසුකමක් ලබා ගැනීම සඳහා ප්‍රවේශ විය හැකි පැහැදිලි මාර්ග නිර්මාණය කිරීම මෙහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා කෙරුණු අතර, මෙම සුදුසුකම් ඔස්සේ දේශීය මෙන්ම ජාත්‍යන්තර වාණිජ සමුද්‍රීය කර්මාන්තය තුළ විවිධ රැකියා අවස්ථා සඳහා දොරටු විවර කර දීම අපේක්‍ෂා කරනු ලැබේ.

මෙම සාකච්ඡාවේදී, නිලධාරීන් සහ සෙසු නිලයන්ගේ ඉදිරි ගමන (way forward) පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.

එහිදී ප්‍රධාන වශයෙන්, අඩුපාඩු හඳුනා ගැනීම සඳහා වන නිසි විශ්ලේෂණයක් (gap analysis) සිදු කිරීම, එම අඩුපාඩු පියවා ගැනීමට අදාළ උපායමාර්ග සෙවීම සහ දැනට පවතින නාවික සුදුසුකම් තහවුරු කිරීම (validation) කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීම කළ යුතු බව මෙහිදී තවදුරටත් සාකච්ඡා කර ඇත.

එමෙන්ම, සියලුම ක්ෂේත්‍රයන්හි පවතින නිපුණතා මට්ටම් නිසියාකාරව හඳුනාගනිමින්, එය උපරිමයෙන් ප්‍රයෝජනයට ගැනීම සහතික කිරීම සඳහා ඉංජිනේරු, විදුලි සහ ආහාර සැපයුම් අංශවල නාවිකයින් සඳහා වන අවස්ථා තවදුරටත් පුළුල් කිරීම කෙරෙහි ද මෙහිදී සුවිශේෂී අවධානයක් යොමු කර තිබේ.

මෙම අවස්ථාවට නාවික හමුදාපති, අතිරේක ලේකම් (සිවිල් ආරක්ෂක හා සංවර්ධන) සහ වෙළඳ නාවික අධ්‍යක්ෂ ජෙනරාල් (DGMS) සමඟ ආරක්ෂක අමාත්‍යාංශයේ, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ වෙළඳ නැව් ලේකම් කාර්‌යාලයේ (MSS) ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...