spot_img
spot_img

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ, නියමිත ඡන්ද මධ්‍යස්ථානයකදී ඡන්දය දීමට නොහැකිවීම පිළිබඳ සාධාරණ බියක් පවතින විට වෙනත් මධ්‍යස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පහසුකම් සලසා දෙන ලෙස එලෙස ඉල්ලුම් කළ හැකි බවයි.

ඒ සඳහා අවශ්‍ය ඉල්ලුම්පත්‍ර සියලුම දිස්ත්‍රික්කවල තේරීම් භාර නිලධාරි හා මැතිවරණ කාර්යාලවලින් ලබාගත හැකියි.

අදාළ අයැදුම්පත්‍ර ලබන අගෝස්තු පළමු වැනිදා හෝ ඊට පෙර, මැතිවරණ කොමිෂන් සභාව, මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය, සරණ මාවත, රාජගිරිය යන ලිපිනයට එවිය යුතු වෙයි.

ඉල්ලුම්කරු පදිංචි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි ලවා ඉල්ලුම්පත්‍රය සහතික කරවා ගත යුතු බවත් ග්‍රාම නිලධාරි සහතිකය නොමැති ඉල්ලුම්පත්‍ර ප්‍රතික්ෂේප කරන බවත් මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.

මැතිවරණ කොමිසම නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයේ දැක්වුණේ, ඉල්ලුම්කරු විසින් 2024 වර්ෂයේ ඡන්ද විමසීම සඳහා වලංගු ඒකාබද්ධ ඡන්ද හිමි නාම ලේඛනය පදනම් කරගෙන, ඡන්ද හිමි නාම ලේඛනයේ ඇතුළත් තොරතුරු ඉල්ලුම්පත්‍රයේ සඳහන් කළ යුතු බවයි.

එම නාමලේඛන තොරතුරු සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල හෝ මැතිවරණ කොමිෂන් සභාවේ www.election.lk යන වෙබ් අඩවියෙන් ලබාගත හැකි බවද මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයේ සඳහන් ය.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...