spot_img
spot_img

හෙද සේවයට දැවැන්ත බඳවා ගැනීමක් – තරුණ තරුණියන් 13,600කට රජයෙන් සුපිරි අවස්ථාවක්

ඉදිරි වසර තුනක කාලය තුළ හෙද සේවාව සඳහා 13,600ක පිරි­සක් බඳවා ගන්නා බව සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා සදහන් කර තිබේ.

අමා­ත්‍ය­ව­රයා සඳ­හන් කළේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමා­ණා­ත්මක හා ගුණා­ත්මක සේවාව තවදුර­ටත් ඉහළ නැංවීමේ අර­මු­ණින් මෙම බඳ­වා­ගැ­නීම අදි­යර කිහි­ප­යක් යටතේ සිදු කරන බවයි

පේරා­දෙ­ණිය ශික්ෂණ රෝහලේ හදිසි අන­තුරු හා හදිසි ප්‍රති­කාර ඒක­කය සහ නවී­ක­ර­ණය කරන ලද රසා­ය­නා­ගා­රය විවෘත කිරීමේ අව­ස්ථා­වට ප්‍රධාන ආරා­ධි­තයා ලෙස ඊයේ (14) එක්වෙ­මින් අමා­ත්‍ය­ව­රයා මේ බව සදහන් කර ඇත.

සමස්ත සෞඛ්‍ය සේවාව විවිධ අභි­යෝග සහ දුෂ්ක­රතා මධ්‍යයේ පව­ත්වා­ගෙන යන නමුත්, එම තත්ත්ව­යන් අවම කිරීම සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩ­ලය බඳවා ගැනීම සහ අවශ්‍ය පහ­සු­කම් සැප­යීම රජය විසින් ක්‍රියා­ත්මක කරන බව ද ඔහු සදහන් කරයි.

හෙද සේවාව සඳහා බඳවා ගැනී­මට නිය­මිත පිරි­සෙන් 50%ක් මෙම වසර තුළම බඳවා ගැනී­මට සැල­සුම් කර ඇති බවත් යෝජිත හෙද විශ්ව­වි­ද්‍යා­ලය ආරම්භ කිරී­මත් සමග හෙද පුහුණු අවස්ථා තව­දු­ර­ටත් පුළුල් කිරී­මට හැකි­වනු ඇතැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

දැනට හෙද විදු­හල් සහ විශ්ව­වි­ද්‍යාල මට්ට­මින් සෞඛ්‍ය ක්ෂේත්‍ර­යට අදාළ හෙද හෙදි­යන් බඳවා ගන්නා බව ත් ඔහු සදහන් කරයි .

ඒ අනුව මෙම වසර තුළ හෙද විදු­හලේ පුහු­ණුව සඳහා සිසුන් 3, 000ක් බඳවා ගන්නා අතර, මෙම මාසය අව­සන් වන විට බඳවා ගැනීම් අව­සන් කර පුහුණු කට­යුතු ආරම්භ කිරී­මට නිය­මිත බව ද වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...