spot_img
spot_img

ස්ත්‍රී දූෂණ චෝදනාවකට වරදකරු වූ හිටපු නේපාල ක්‍රිකට් නායකයාට නිදහස

ස්ත්‍රී දූෂණ චෝදනාවකට වැරදිකරු වී සිරදඬුවම් ලබාදී සිටි නේපාල ක්‍රිකට් ක්‍රීඩක සන්දීප් ලමිචානේව එම චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරීමට එරට මහාධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව, ඔහුට නැවතත් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවන අතර එසේම එළැඹෙන 20යි 20 ලෝක කුසලාන තරගාවලියට එක්වීමටට බොහෝදුරට අවස්ථාව හිමිවෙන බවයි වාරතා වන්නේ.

ඒ සම්බන්ධයෙන් නේපාල ක්‍රිකට් සංගමය පවසා ඇත්තේ, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතිය ලදහොත් සන්දීප්ව සිය ලෝක කුසලාන සංචිතය සඳහා නම් කරන බවයි.

පතාන් මහාධිකරණ ප්‍රකාශකයෙක් පැවසුවේ, සාක්ෂිවල තිබූ දෝෂයක් හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩකයා ව නිදහස් කිරීමට අධිකරණය නියෝග කළ බවයි.

කත්මන්ඩු අධිකරණය විසින් පසුගිය ජනවාරි 10 වනදා 18 හැවිරිදි තරුණියක්ව අපයෝජනය කළ බවට එල්ලවූ චෝදනාවට ලමිචානේ වැරදිකරු බවට නියෝග කළා.

එසේම ඔහුට ඩොලර් 2,255ක දඩයක් නියම කළ අතර, වින්දිත තරුණියට ඩොලර් 1500 ක වන්දියක් ගෙවන ලෙසටද නියෝග කර තිබුණා.

ජනවාරි 11 වනදා නේපාල ක්‍රිකට් සංගමය විසින් ඔහුට තහනමක් පනවනු ලැබුවා.

මෙම මස මුලදී තමාට පනවා ඇති සිරදඬුවමට එරෙහිව සන්දීප් ලමිචානේ අභියාචනයක් ගොනුකළ අතර, එහි නීතිමය කටයුතු කෙරෙන අතරතුර ඔහුව බන්ධනාගාරයෙන් තාවකාලිකව නිදහස් කිරීමට අධිකරණය අනුමැතිය දී තිබුණා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...