spot_img
spot_img

Dambulla Thunders කණ්ඩායමේ හිමිකරු අත්අඩංගුවට

ඉදිරියේදී ආරම්භවීමට නියමිත ලංකා ප්‍රිමියලීග් ක්‍රිකට් තරගාවලියේ තරග පාවාදීමේ සිද්ධියකට සම්බන්ධ බවට සැකපිට දඹුල්ල කණ්ඩායමේ හිමිකරු වන තමිම් රහමාන් නමැත්තා අද අත්අඩංගුවට ගැණුනා.

පසුව අදිකරණයට ඉදිරිපත් කළ ඔහු ලබන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ.

බ්‍රිතාන්‍ය පුරවැසිභාවයක් හිමි බංග්ලාදේශ ජාතිකයෙකු වන ඔහු දඹුල්ල කණ්ඩායමේ හිමිකරු මෙන්ම ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ද කටයුතු කරනවා. මෙම සැකකරු කටුණායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් විදෙස් ගතවීමට අද උත්සාහ කරන අවස්ථාවේ දී ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ අංශය විසින් මොහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුරුව අදාළ පුද්ගලයා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා වෙත ඉදිරිපත් කෙරුණා. මෙහිදී ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ ඒකකය වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ උදාර කරුණාතිලක මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සදහන් කළේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත එල්පීඑල් ක්‍රිකට් තරගාවලියේ දී සිදුකිරීමට නියමිතව තිබූ මහා පරිමාණ තරග පාවා දීමේ සිද්ධියකට අදාළව මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

පසුගිය අප්‍රේල් 22වනදා අදාළ සැකකරුගේ නියෝජිතයින් දෙදෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර ඔවුන් කොළඹ හෝටලයකදී පැමිණිලිකරු හමුවී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එහිදී තරග පාවාදීමකට අදාළව සාකච්ඡාවක් සිදුවී ඇති අතර ඊට සම්බන්ධ හඩපට ද විමර්ශකයින් සතුව තිබෙන බවයි නීතිඥවරයා අධිකරණය හමුවේ වැඩිදුරටත් සදහන් කළේ.

දඹුල්ල කණ්ඩායමට තමන්ට අවශ්‍ය ක්‍රීඩකයින් යොදාගෙන එල්පීඑල් තරගාවලියේ දී තරග පාවාදීමේ කටයුතු සිදුකිරීම මෙම සැකකරුගේ අරමුණ වී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි නීතිඥවරයා මෙහිදී කියාසිටියා.

තමා ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියනයක මුදලක් රැගෙන ආ බවත් සැකකරු සදහන්කර තිබෙන බව මෙහිදී ඔහු පෙන්වා දුන්නා. මීට අදාළ විමර්ශන අවසන් වී නොමැති බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

අනතුරුව සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ සදහන් කළේ මොහු ලංකාවට පැමිණ තිබෙන්නේ මෙරට ක්‍රිකට් සන්නාමය ඉහළ නැංවීමට බවයි.

එමෙන්ම ඔහු ලංකාවට ඩොලර් මිලියන 1.5ක මුදලක් රැගෙනවිත් ඇති අතර මෙම අසාධාරණ අත්අඩංගුවට ගැනීම හේතුවෙන් මෙම මුදල් රටට අහිමිවී යන බව එම නීතිඥවරයා පෙන්වා දුන්නා.

දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සදහන් කළේ සැකකරු ලබන 31වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...