spot_img
spot_img

පාස්කු ප්‍රහාර විමර්ශනවලට බාධා කරමින් අධිකරණයට අපහාස කළැයි ගම්මන්පිල, වීරවංශ සහ දිලිත් ඇතුළු පිරිසකට එරෙහිව CID විමර්ශනයක් ඇරඹෙයි

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශන සඳහා අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් දිලිත් ජයවීර, මහින්ද පතිරණ, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, සුගීශ්වර බණ්ඩාර සහ අසංක නවරත්න යන අයට නොතීසි නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් කර ඇත්තේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දැනට පවතින විමර්ශන කටයුතුවලට අදාළවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් ගොනු කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ මේ බව ප්‍රකාශ කළා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බවත්, 2024 අංක 8 දරන අධිකරණ විනිශ්චය අධිකාරියකට හෝ ආයතනයකට අපහාස කිරීමේ පනත අනුව ඉහත සඳහන් පුද්ගලයන් හට අභියාචනාධිකරණය හමුවේ චෝදනා පත්‍ර ගොනු කිරීමට කටයුතු කරන බවද විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ කියා සිටියා.

ඒ අනුව, අදාළ විමර්ශන සඳහා ජූලි 01 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ඔවුන් වෙත නොතීසි නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...