සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන්, ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළ කරමින් ‘එක්ව ජයගමු’ ගාල්ල දිස්ත්‍රික් සමුළුවට සහභාගී වී තිබෙනවා.
ඉෂාක් රහුමාන් මහතා පසුගිය මහා මැතිවරණයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත් වුණා.
මේ අතර, ආණ්ඩුව නියෝජනය කරන කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් 30 දෙනෙකු පමණ ඊයේ (25) පාර්ලිමේන්තුවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
එහිදී එම මන්ත්‍රීවරුන් පවසා ඇත්තේ, ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් ඇතුළු පොදුජන පෙරමුණේ පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට තීරණය කර ඇති බවයි.




