spot_img
spot_img

දේශබන්දුට අනුරගෙන් අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අද (26) පැවති මාධ්‍ය හමුවක දී වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කිරීම පිළිබඳව අගමැතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා‍ මේ බව ප්‍රකාශ කළේය.

“මේ ජනාධිපතිවරයා මේ මැතිවරණයට ටිකක් අර බල්ලා නාවන්න අරගෙන යනවා වගේ තමයි ගෙනියන්නේ. විශේෂයෙන්ම ඔහු විවිධ අවස්ථාවල දී උත්සාහ කරමින් තිබුණා මැතිවරණයට මුහුණ නොදී කොහොමද තමන්ගේ බලය ශක්තිමත් කර ගන්නේ කියලා. සමාජය තුළ ව්‍යාකූලත්වයක් නිර්මාණය කර ගැනීම වෙනුවෙන් මේ පොලිස්පතිවරයා පත් කිරීම මඟ හරිමින් සිටියා. මීට කලින් කිව්වා ඡන්දයක් තියන්නෙත් නෑ තියන්න ඡන්දෙකුත් නෑ කියලා. ඒ වගේම අද කියනවා පොලිස්පතිවරයෙක් පත් කරන්නෙත් නෑ පත් කරන්න පුරප්පාඩුවකුත් නෑ කියලා. මේ රනිල් වික්‍රමසිංහ මඟ හැරීම සඳහා කරන උත්සාහයට තිබෙන්නේ. දිනේෂ් ගුණවර්ධන අද පාර්ලිමේන්තුවේ දී දීර්ඝ විස්තරයක් කරනවා. අපි දිනේෂ් ගුණවර්ධන අභියෝග කරනවා අද ඔය කියපු කතාව පුළුවන් නම් එළියෙ ගිහින් කියන්න. ඒ වගේම අපි දේශබන්දු ට කියනවා ටෙලිෆෝන් පණිවිඩයකට චක්‍රලේඛනයකට, පොලිස් දෙපාර්තමේන්තුව වෙත ලබාදෙන නියෝගයකට පුළුවන් නම් ඒක අත්සනක් ගහන්න පොලිස්පති දේශබන්දු කියලා. මොකක්ද වෙන්නේ කියලා බලාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් කියනවා දිය රත් වෙනකම් තමයි කකුළුවා නටන්නේ කියලා. වතුර නටන්න තියෙන්නේ තව මාස දෙකයි. ඒ නිසා කලබල වෙන්න ඕනේ නෑ.”

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...