spot_img
spot_img

දේශබන්දුට අනුරගෙන් අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අද (26) පැවති මාධ්‍ය හමුවක දී වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කිරීම පිළිබඳව අගමැතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා‍ මේ බව ප්‍රකාශ කළේය.

“මේ ජනාධිපතිවරයා මේ මැතිවරණයට ටිකක් අර බල්ලා නාවන්න අරගෙන යනවා වගේ තමයි ගෙනියන්නේ. විශේෂයෙන්ම ඔහු විවිධ අවස්ථාවල දී උත්සාහ කරමින් තිබුණා මැතිවරණයට මුහුණ නොදී කොහොමද තමන්ගේ බලය ශක්තිමත් කර ගන්නේ කියලා. සමාජය තුළ ව්‍යාකූලත්වයක් නිර්මාණය කර ගැනීම වෙනුවෙන් මේ පොලිස්පතිවරයා පත් කිරීම මඟ හරිමින් සිටියා. මීට කලින් කිව්වා ඡන්දයක් තියන්නෙත් නෑ තියන්න ඡන්දෙකුත් නෑ කියලා. ඒ වගේම අද කියනවා පොලිස්පතිවරයෙක් පත් කරන්නෙත් නෑ පත් කරන්න පුරප්පාඩුවකුත් නෑ කියලා. මේ රනිල් වික්‍රමසිංහ මඟ හැරීම සඳහා කරන උත්සාහයට තිබෙන්නේ. දිනේෂ් ගුණවර්ධන අද පාර්ලිමේන්තුවේ දී දීර්ඝ විස්තරයක් කරනවා. අපි දිනේෂ් ගුණවර්ධන අභියෝග කරනවා අද ඔය කියපු කතාව පුළුවන් නම් එළියෙ ගිහින් කියන්න. ඒ වගේම අපි දේශබන්දු ට කියනවා ටෙලිෆෝන් පණිවිඩයකට චක්‍රලේඛනයකට, පොලිස් දෙපාර්තමේන්තුව වෙත ලබාදෙන නියෝගයකට පුළුවන් නම් ඒක අත්සනක් ගහන්න පොලිස්පති දේශබන්දු කියලා. මොකක්ද වෙන්නේ කියලා බලාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් කියනවා දිය රත් වෙනකම් තමයි කකුළුවා නටන්නේ කියලා. වතුර නටන්න තියෙන්නේ තව මාස දෙකයි. ඒ නිසා කලබල වෙන්න ඕනේ නෑ.”

spot_imgspot_img

Popular

More like this
Related

බින්චුන් ගැන ඔබ අසා ඇති කතාවට වඩා නොඇසූ කතාව විශාලයි!

චෝදනා 28ක්. රුපියල් 84,000ක දඩයක්. අයිස්ක්‍රීම් සන්නාම 21ක්. අලෙවිසැල්...

ශ්‍රී ලංකා රුපියල්වලින් දිගුකාලීන ණය පහසුකම් සපයන්න ලෝක බැංකුවෙන් නව වැඩපිළිවෙළක්

ව්‍යාපාරිකයින්ට මුහුණ දීමට සිදුවන විදේශ විනිමය අවදානම අවම කිරීමට...

වරද පිළිගත් ඩයනාට දඬුවම් නියම කිරීම ජනවාරි 14 වැනිදා

වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීමේ චෝදනාවට...

මෙරට රන් මිල සැලකිය යුතු අගයකින් පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ යමින් පවතින...