spot_img
spot_img

කුලියාපිටියේ තරුණයාගේ ඝාතනයට සැකපිට පෙම්වතිය අත්අඩංගුවට

කුලියාපිටිය ප්‍රදේශයේ තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ පෙම්වතිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පවසන්නේ ඝාතනයට ආධාර අනුබල දීම සහ අපරාධය වසන් කිරීමේ චෝදනා මත සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වස්සාවුල්ල, ඉලුක්හින්න ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණියක්.

පසුගිය 22 වනදා කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයා සිය පෙම්වතිය බැලීම සඳහා කුලියාපිටිය වස්සාවුල්ල ප්‍රදේශයට යෑමෙන් අනතුරුව අතුරුදන් වී තිබුණා.

අතුරුදන්වු තරුණයාගේ මළ සිරුර පසුගියදා (07) හලාවත මාදම්පේ ප්‍රදේශයේ පනිරෙන්ඩාව රක්ෂිතය තුළ තිබී පසුගිය දා සොයා ගැනුණා.

මේ වන විට, සිද්ධිය සම්බන්ධයෙන් කුලියාපිටිය වස්සාවුල්ල පදිංචි පෙම්වතියගේ පියා වන සුජිත් ප්‍රනාන්දු නොහොත් ‘සිඟිති’ නමැත්තා සහ ඔහුගේ බිරිඳ වන දිලානි රසිකා යන අයද අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...