2026 වසරේ විසි ලක්ෂ වැනි සංචාරකයා අද (20) පෙරවරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
රුසියානු ජාතිකයෙකු වන මෙම සංචාරකයා සිය පවුලේ සාමාජිකයන් දෙදෙනෙකු සමඟ මෙරටට පැමිණ ඇති බව සඳහන් වේ.
මෙම පැමිණීමත් සමඟ අඛණ්ඩව තෙවැනි වසරටත් ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව විසි ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් තිබේ.
අභියෝග රැසක් මධ්‍යයේ අත්කරගත් මෙම ජයග්‍රහණය සුවිශේෂී බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය පවසයි.
2018 වසරෙන් පසුව 2024, 2025 සහ 2026 වසරවලදී ද සංචාරක පැමිණීම් විසි ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව 2024 දෙසැම්බර් 26 වැනිදාත්, 2025 නොවැම්බර් 17 වැනිදාත්, 2026 නොවැම්බර් 20 වැනිදාත් එම සීමාව පසුකර තිබීම විශේෂත්වයකි.




