spot_img
spot_img

රට බේරගත්ත මහින්ද රාජපක්ෂට නාකි මයිනා කියලා බැන්නා

මේ රටට දැනෙන සේවාවක් කරපු සහ රට බේරගත්ත මහින්ද රාජපක්ෂට නින්දා අපහාස කළ බවත් ඔහුට නාකි මයිනා කියලා බැන්න බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු සඳහන් කරනවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු සඳහන් කළේ,

“මේ රටට වැඩ කරපු අවුරුදු 76ක් මේ රටට යම් සේවාවක්, පවතින සේවාවක්, දැනෙන සේවාවක් කරපු නායකයින්ට නින්දා අපහාස කෙරුවා. මේ රට බේරගත්ත මහින්ද රාජපක්ෂ මහත්තයාට නින්දා අපහාස කෙරුවා.

‘නාකි මයිනා’ කියලා බැන්නා. මේ රටට නිදහසේ හුස්ම ගන්න, නිදහසේ හුස්ම ගන්න උපන් නූපන් දරුවන්ට රටක් හිමිකරලා දුන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා. ඒ මහින්ද රාජපක්ෂ මහත්තයාට දොස් කිවුවා, නින්දා අපහාස කෙරුවා.

රට වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහත්තයා වෙනුවෙන් පෙනී හිටපු ගොවියා, කම්කරුවා, වැඩකරන ජනතාව හැම අංශයකටම නින්දා අපහාස කෙරුවා. නින්දා අපහාස කරලා කිවුවා, ඒගොල්ලන්ට විතරයි මේ රට ගොඩගන්න පුළුවන් කියලා.”

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජන හමුවක් අමතමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මේ බව සඳහන් කරයි.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...