spot_img
spot_img

යෝෂිතගේ එංගලන්ත පුහුණුව ගැන හොයල බලන්න අල්ලස් කොමිසමෙන් කැඳවීමක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට අල්ලස් කොමිසමෙන් කැඳවීමක් කර තිබෙන බව, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

අනුරාධපුර සාමාන්‍ය පවුලක නාවික නිලධාරියෙකුට තිබුණ අවස්ථාව ඔහුට නොදී මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට ලබාගෙන එංගලන්තයේ පුහුණුවට ගියපු ආකාරය සම්බන්ධයෙන් ප්‍රශ්න තිබෙන බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

අමාත්‍ය නලින්ද ජයතිස්ස මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ,

“සමහර විට ආයේ ඒක එල්ල වෙන්න පුළුවන්. යෝෂිත රාජපක්ෂට අල්ලස් කොමිසමෙන් කැඳවීමක් කරලා තිබෙනවා. ඔහු එංගලන්තයේ පුහුණුවට ගියපු ආකාරය සම්බන්ධයෙන් ප්‍රශ්න තිබෙනවාය.

අනුරාධපුර සාමාන්‍ය පවුලක නාවික නිලධාරියෙකුට තිබුණ අවස්ථාව තමයි මහින්ද රාජපක්ෂගේ පුතා හැටියට යෝෂිත රාජපක්ෂ ගත්තේ කියලා. සමහරවිට ඔය විමල් වීරවංශ, ගම්මන්පිලලා ඒකත් රණවිරු දඩයමක් විදිහට හඳුන්වන්න පුළුවන්.

ඒක ජනතාව තීන්දු කරයි, දඩයම රණවිරුද නැද්ද කියන එක.”

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...