spot_img
spot_img

“කටින් බතල කොළ හිටෙව්වට වැඩක් නෑ රටම පරිහානියට පත් කරලා” මරික්කාර් ආණ්ඩුව රෙදි ගලවයි

රටම පරිහාරණයට පත්වෙමින් පවතින බවත් හැම ක්ෂේත්‍රයක්ම දැනුම නැති නිසා පරිහානියට පත්ව තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා සදහන් කර තිබේ.

සමගි ජන බලවේගය මාධ්‍ය හමුවට එක්වෙමින් එතුමා මේ ගැන ප්‍රකාශ කර ඇත.

තව දුරටත් මන්ත්‍රීවරයා සදහන් කළේ මෙවැන්නක්

”වේදිකා දෙවනත් කරලමයි කරලමයි කරලමයි කරලමයින් පල්ලා කිව්වා වගේ ජීවිතයක් හදලා දෙනවා කියලා.මාලිමාවේ ප්‍රතිපත්ති කියවලා බැලුවාම සුරංගනා කතාවක් වගේ.. මිනිස්සුව කොච්චර අන්දලාද කිව්වොත් ආහාර සෞඛ්‍ය අධ්‍යාපනය බදු බින්දුව කරනවා කිව්වා. මනෝ විද්‍යාත්මකව දවස ගානේ කියපු අය හිතුවා මේක වෙයි කියලා. මේක සමාජ මාධ්‍යයේ බලන අය හිතුවා මේක වෙයි කියලා .

වරායෙන් බාර ගානට තේල් කියනවා කිව්වා. මිනිස්සුන්ගේ ඔලුවෙ මැවුණා රුපියල් 189 ට තෙල් ලීටරය ගන්න පුලුවන් වෙයි කියලා විදුලි බිල අඩු කරන හැටි කිව්වා..තිස්තුනකින් අඩු කරනවා කිව්වට හතළිස් තුනකින් වැඩි කරලා. අලුතෙන් ඇඳුමක් සපත්තු දෙකක් ගත්තද රත්තරන් බඩු වලට මොකද වෙලා තියෙන්නේ.අකාර්යක්ෂමතාවය කොච්චරද කියනවනම් 2024 අවුරුද්දේ බිලියන 140ක් ලාභ ලබපු විදුලි බල මණ්ඩලය බිලියන 38 ක් මාලිමා ආණ්ඩුව යටතේ පාඩු වෙලා .

පරිහාණිය තමා මේ ආණ්ඩුව ළගා කරලා තියෙන්නේ දෙසිය ගානට තිබ්බ ඩොලර් එක තුන්සිය ගානට ගිහිල්ලා. ආනයන අපනයන පරතරය වැඩිවෙලා. කයිවාරු ගැහුවත් කටින් බතල කොළ හිටෙව්වත්. ලස්සන වචන කිව්වත් ඔබේ ජීවිතය පරිහාණියට පත් කරලා තියන හැටි ඔබෙන්ම අහන්න. ආදායම් ඉහළ ගිහිල්ලා නෑ.ආයතන වලට පවතින්න බෑ .ලාභ ලබපු දේවල් වන වල කියනවා. මේ වෙද්දී ඇවිදින පුස්තකාල පොල්ලෙළි බවට පත්වෙලා. ”

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...